click here if you want to see your banner on this site

Author Topic: ලංකාවේ අපි BitCoin මිලදීගන්නා ආකාරය  (Read 3741 times)

CS888

  • Newbie
  • Posts: 2
  • Karma: +0/-0
    • View Profile
මම හිතනවා මේ වෙනකොට ඔයා Bitcoin Wallet එකක් එහෙම හදාගෙන වැඩ පටන්ගන්නට සූදානම් ඇති කියලා.


දැන් අපි බලමු ලංකාවේ අපි Bitcoin ගනුදෙනු කරන්නේ කොහොමද කියලා. ලෝකේ ගොඩක් රටවල මේ වෙනකොට Bitcoin ATM ත් තියෙනවා. ලංකාවට එද්දී තව කොච්චර කාලයක් යාවිද? හිතාගන්නවත් බැහැ. දැනට Bitcoin Debit Card නිකුත් කරන සමාගම් එකක්වත් ලංකාවට ඒවා ship කරන්නේ නැහැ. ඉදිරි වසර වලදී කතන්දරේ ගොඩක්වෙනස් වේවි. දැනට අපි ලංකාවේ ඉඳන් Bitcoin මිලදී ගන්නේ විකුණන්නේ මෙහෙමයි.

ලංකාවේ අපි BitCoins මිලදී ගන්නේ කොහොමද?
ක්‍රම කීපයක්ම තියෙනවා.


Credit/Debit Cards භාවිතයෙන් Bitcoin මිලදී ගත හැකි ක්‍රම
Cex.io

ඔයාගේ Credit/Debit Card එක පාවිච්චි කරලා Bitcoin  ගන්නවා නම් හොඳම එක තමයි මේ.Verification Process එකට පොඩ්ඩක් විතර කට්ටක් කන්න තියෙනවා. සරලව කිව්වොත් මේකේ Verification එක ගොඩ දාගන්න HD PhotoShoot එකක් කරන්න ඕනේ වෙනවා. Mobile Phone එකෙන් ගත්තත් ඇති. හැබැයි High Quality Setting හදලා ගත්තත් අවුලක් නැහැ. පොඩ්ඩක් Identity Verification, Card Verification Guides කියවලා ඉන්න. මට නම් Verification එක ගොඩ දාගන්න ගියේ පැයක් විතර.
cex-deposits

ඉතා වැදගත් :
කිසිම වෙලාවක Cex එකේ dashboard එකේ තියෙන Buy/Sell Option එක පාවිච්චි කරලා Bitcoins මිලදී ගන්න එපා. ඒක trap එකක්. ඊට වඩා ගොඩක් අඩු cost එකකට දෙවෙනියට තියෙන “Trade” tab එකෙන් ගිහින් Bitcoins මිලදී ගන්න පුළුවන්.

 

Coinමාමා

Cex.io එකේදී තරම් කට්ටක් කරන්නේ නැතුව ඔයාගේ Credit/Debit Cards පාවිච්චි කරලා මේකෙන් Bitcoins Buy කරන්න පුළුවන්. Cost එක නම් 11.25% ක්විතර. Bitcoin මිලදී ගන්න වෙන විදිහක් නැතිම කෙනෙකුට පහසුවෙන් වැඩේ කරගන්න
පුළුවන්. BitCoins ආපහු රුපියල් කරගන්නේ කොහොමද? මේකනේ ඉතිං වැදගත්ම පියවර. අපි කරන මේ වැඩ වලින් අන්තිමට ලංකාවට විදේශ විනිමය ලැබෙන එකනේ වෙන්නේ. ඒ ගැන අපි නිහතමානීව සතුටු වෙන්න ඕනේ.

BitCoins ඩොලර් බවට හරවලා ලංකාවට ගෙන්වා ගන්න ක්‍රම කීපයක් ම තියෙනවා.

Cex.io එකෙන් කෙලින්ම Bank Wire එකක් විදිහට ලංකාවේ බැංකුවකට ගෙන්වා ගන්න පුළුවන්. හැබැයි $50 ක් කැපෙනවා Fee එක විදිහට.නැතිනම් Payza පාවිච්චි කරන්නත් පුළුවන්.Add Funds ගිහින් BitCoins තෝරන්න. Payza එකෙන් දෙන BitCoin Address එකට ඔයාගේ Coinbase Wallet එකෙන් සල්ලි යවන්න. දවස් කීපයකින් ඩොලර් වලින්
එකතු වෙලා තියෙයි Payza Balance එකට. ඊට පස්සේ Payza Debit Card එකෙන් හරි Bank Wire එකක් විදිහට හරි ලංකාවට ගෙන්වා ගන්න පුළුවන්.
මාසෙකට $2500 ක් විතර ගන්නවා නම් Neteller පාවිච්චි කරන්නත් පුළුවන්.ඕනේ නම් STP පාවිච්චි කරන්නත් පුළුවන්.
Online Currency Exchangers සාපේක්ෂව අඩු මුදලකට වෙනත් online wallets පාවිච්චි කරලා Bitcoins සහ වෙනත් එක එක Crypto වර්ග මිලදී ගන්නවා නම් මේ සේවාවන් පාවිච්චි කරන්න පුළුවන්.

Changer.com
RChange.net
Goldux.com
ShapeShift.io
Paybis

තව එක එක සේවාවන් විශාල ප්‍රමාණයක්  ඇති. හැබැයි ගනුදෙනු කරද්දී ප්‍රවේසමෙන්. විශේෂයෙන්ම සමාජ ජාල වලින් හඳුනා ගන්න පුද්ගලයන් එක්ක ගනුදෙනු නොකර ඉන්න තරමටම ඇඟට ගුණයි. එහෙම ගනුදෙනු කරනවා නම් මුලින්ම ඒ
පුද්ගලයාට මුදල් එවන්න කියන්න. මේ අය අතරේ hackers ලත් ඉන්න පුළුවන්.

Bitcoin පාවිච්චි කරලා අපිට කරන්න පුලුවන් දේවල්?

මේ වෙනකොට මගේ Online Business වලින් 90% කට වැඩි ප්‍රමාණයක් කරන්නේ Bitcoin පාවිච්චි කරලා. වැඩිම ප්‍රතිලාභ ලබන්න පුළුවන් අනාගත ආයෝජන අවස්ථා සෑහෙන ප්‍රමාණයක් රැඳිලා තියෙන්නේ Crypto Currencies ක්ෂේත්‍රයේ තමයි. මේ වෙනකොට Crypto Currencies වල සමස්ත MarketCap එක ඇමෙරිකන් ඩොලර් බිලියන 25 ක් විතර. ආර්ථික විශ්ලේෂකයන් පුරෝකථනය කරලා තියෙන්නේ ඉදිරි දශකයේදී මේ අගය ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියනයක් වෙයි කියලා. ඉතින් හිතාගන්නකෝ කොච්චර විභවයක්ති යෙනවාද කියලා.

Bitcoin පාවිච්චි කරලා, අන්තර්ජාලය ආශ්‍රිතව විවිධ ව්‍යාපාර සහ ආයෝජන කටයුතු කරන්න කලින් ඔබ දැන ගතයුතුම දේවල් ගැන අපි මීළඟ ලිපියෙන් කතා කරමු.

« Last Edit: April 13, 2018, 08:10:10 AM by CS888 »

 

Bitcoin Garden 2013-2024, All rights reserved | Privacy Policy | DMCA | About Bitcoin Garden | Support & Services